VIDEO : ෂේන් වෝර්න් ගේ අභාවය ගැන මුරලි කණගාටුවෙන් – AusLanka TV – Australian News for the Sri Lankan community

VIDEO : ෂේන් වෝර්න් ගේ අභාවය ගැන මුරලි කණගාටුවෙන්

VIDEO : ෂේන් වෝර්න් ගේ අභාවය ගැන මුරලි කණගාටුවෙන්

ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රීඩක ෂේන් වෝර්න්ගේ අභාවය පිලිබදව තමන් දැඩි සේ කම්පාවට පත් වන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හැටන් නගරයේ ඊයේ පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින්.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් කියා සිටියේ අපි දෙන්නම ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසුනේ එකම කාලේක.

ඔහු දක්ශ දග පන්දු යවන ක්‍රිඩකයෙක් , අපි දෙන්නා කෙරෙහි මුළු ලෝකයම දැඩි විමසිල්ලෙන් හිටියේ අපි දෙන්නගෙන් දක්ෂ කවුද කියන එක.

අවු 52 වැනි අඩු වයසකදි ෂේන් අභාවප්‍රප්ත විම ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු පාඩුවක්.

සුනාමි ව්‍යවසනය වේලාවේ මම ඕස්ට්‍රේලියාවේදි ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිඩා කලා.

ඒ වේලාවේ ෂෙන් වොර්න් මගෙන් ඇහුවා මොනවද ලංකාවට මගෙන් වෙන්න ඕනි කියලා , ඒ අනුව මගේ ඉල්ලිමකට ලංකාවට ආපු ෂෙන් වොර්න් සිනිගම ප්‍රදේශයේ සුනාමි ව්‍යවසනයෙන් ආපදාවට ලක් වු ජනතාවට නිවාස හදලා දෙන්න විශාල වශයෙන් කැපයිම් කලා.

COMMENTS