MCG එක් ප්‍රේක්ෂකාගාරයක් ශේන් වෝන්ගේ නමින් නම් කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

MCG එක් ප්‍රේක්ෂකාගාරයක් ශේන් වෝන්ගේ නමින් නම් කරයි

MCG එක් ප්‍රේක්ෂකාගාරයක් ශේන් වෝන්ගේ නමින් නම් කරයි

අභාවප්‍රාප්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාරටක් ඔහුගේ නමින් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව MCG ක්‍රීඩාංගණයේ Great Southern Stand කොටස S.K. Warne Stand ප්‍රේක්ෂකාගාරය ලෙස නම් කෙරෙනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඒ බව ශේන් වෝන් ගේ පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවද සඳහන්.

සුපිරි ක්‍රීඩකයා විසින් සිය 700 වන කඩුල්ල දවා ගනු ලැබුවේද මෙම ක්‍රීඩාංගණයේදීයි.

ඒ පිවිබිඳව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මෙලෙස සටහනක්ද තබා තිබුණා.

COMMENTS