
අභාවප්‍රාප්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ ශේන් වෝන් ගේ වියෝව සමස්ත ප්‍රාන්තයටම දැරිය නොහැකි පාඩුවක් වන බවයි.
ඔහු වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන්ට හා සමස්ත වික්ටෝරියානුවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ්‍ය අවමගුල් උත්සවයක් පැවැත්වීමට පියවර ගන්නා බවද ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

ශේන් වෝන් ගේ පවුලේ සාමාජිකයන්ට සිය බලවත් සංවේගය පළකරන බවයි අගමැතිවරයා නිවේදනය කලේ.
Rest in peace, Warnie pic.twitter.com/fHyno14ybp
— Dan Andrews (@DanielAndrewsMP) March 4, 2022
PIC – YAHOO

COMMENTS