Search

ශේන් වෝන් වෙනුවෙන් දසතින් ශෝක පණිවුඩ

අභාවප්‍රාප්ත වූ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් පාර්ශව ගණනාවක් ශෝක පණිවුඩ නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය නායකයන් – දේශපාලනඥයන් – ඔස්ටේ්‍රලියා සහ විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුලු විශාල පිරිසක් ඒ අතර වනවා.

ඔවුන් පෙන්වා දී තිබුණේ ෂේන් වෝන් ගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු සේවය මිළකල නොහැකි බවයි.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ තායිලන්තයේදී මියයනවිට ඔහුගේ වයස අවුරුදු 52 ක්.

ශේන් වෝන් ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145 කට ක්‍රීඩා කර ඇති ඔහු බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 708 ක්.

එක්දින තරග 194 කදී ශේන් වෝන් කඩුළු 293 ක් බිඳ හෙලා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු ඔහු ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කළා.

1992 දී සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ ඔහු ඊට සමුදෙන්නේ 2007 වසරේදීයි.

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර ෂේන් වෝන් දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට පමණයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »