අනුමත කර නොමැති Rapid කට්ටල මිලදී නොගන්නා ලෙස අනතුරු ඇඟවීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

අනුමත කර නොමැති Rapid කට්ටල මිලදී නොගන්නා ලෙස අනතුරු ඇඟවීමක්

අනුමත කර නොමැති Rapid කට්ටල මිලදී නොගන්නා ලෙස අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාව තුළ භාවිතය සඳහා අනුමත කර නොමැති Rapid antigen පරීක්ෂණ කට්ටල මිලදී නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ භාවිතය සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් Rapid antigen පරීක්ෂණ කට්ටල වර්ග 32 ක් අනුමත කර ඇත.

Rapid antigen පරීක්ෂණ කට්ටලවල තිබිය යුතු සම්පුර්ණ දේවල් නොමැතිව නැවත ඇසුරුම් කර හෝ නැවත ලේබල් කර ඇතැම් Rapid antigen පරීක්ෂණ කට්ටල විකිණීම නිසා මෙලෙස අනතුරු අඟවා තිබේ.

අනුමත නොකළ Rapid antigen පරීක්ෂණ කට්ටල ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් තක්සේරු කර නොමැත.

SOURCE : SBS

COMMENTS