
රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ අවතැන්වූ යුක්රේන ජාතිකයන් 1000 කට වැඩි පිරිසකට ඔස්ටේ්‍රලියාව විසින් වීසා අනුමත කර තිබෙනවා.
ඔවුන් හෙට දිනයේ සිට කොටස් වශයෙන් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නියමිතයි.
සංචාරක වීසා සහ තාවකාලික වීසා බලපත් යටතේ මෙම පිරිස මෙරටට ළගාවනු ඇති.

කෙසේවෙතත් ඔවුන්ට රැකියා කිරීමට සහ සෞඛ්‍ය සේවා ලබාගැනීමට අවසර දෙන ලෙසටයි ප්‍රජා නායකයන් විසින් ෆෙඩරල් රජයෙන් අවසර ඉල්ලා ඇත්තේ.
මෙම පිරිසකට මාස 12 ක උපරිමයක් දක්වා ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටීමට අවසර ලැබෙනු ඇති.

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින යුක්රේන ජාතිකයන්ට ලබන ජූනි 30 වනදා සිට මාස 06 ක වීසා දිගුවක් ලබාදීමටද රජය පසුගියදා කටයුතු කලා.
COMMENTS