
යුරෝපයේ විශාලම න්‍යෂ්ඨික බලාගාරයට රුසියාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ වනවිට එය ගිනිගනිමින් පවතින බවයි එරට වාර්තා සඳහන් කලේ.
යුක්රේනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 25 ක් පමණ සපුරාලන්නේ ද මෙම බලාගාරයෙනුයි.

එහි විකිරණ ප්‍රමාණයේ ඉහළයාමක්ද නිරීක්ෂණය වී ඇතැයි යුක්රේන වාර්තා සඳහන් කලා.
යුක්රේන – රුසියානු අර්බුදය විසඳීමට ඇති එකම විසඳුම තමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අතර පැවැත්වෙන මුහුණට මුහුණ සංවාදයක් පමණක් බව යුක්රේන ජනාධිපති වොලොඩිම්ර් සෙලෙන්ස්කි පවසනවා.

ඒ සඳහා තමා ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු අවධාරණය කලේ. මේ අතර සාම සාකච්ඡා සඳහා පහසුකම් සැළසීමට සුදානම් බවට සවුදි අරාබියද සහතිකයක් දී තිබෙනවා.
එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් පවසා ඇත්තේ රුසියානු – යුක්රේන ජනාධිපතිවරුන් සමග තමා දුරකථනය ඔස්සේ එය සාකච්ඡා කල බවයි.
දේශපාලන විසඳුමකින් ගැටලුව විසඳාගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ අතර දෙරටෙහි නියෝජිතයන් අතර දෙවන සාකච්ඡා වටයද අවසන් එකගතාවයකින් තොරව ඊයේ නිමාවට පත්වුණා.
කෙසේවෙතත් සිවිල් වැසියන්ට ආරක්ෂිතව පළායාම සඳහා පහසුකම් සැළසිය යුතු බවටයි දෙපාර්ශවයම එහිදී තීරණය කර ඇත්තේ.
යුක්රේනයෙන් පළායන සරණාගතයන්ට වසර 03 ක සරණාගත වීසා සැපයීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
මේ අතර යුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලම න්‍යෂ්ඨික බලාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ දිගින් දිගටම එල්ලවන රුසියානු ශෙල් වෙඩි ප්‍රහාර හේතුවෙනුයි.
මේ අතර රුසියානු බළලුන්ට කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට අවසර නොදීමට ජාත්‍යන්තර බළල් සම්මේලනය තීරණය කර තිබෙනවා.
ලබන මැයි මාදය අග දක්වා එය බලාත්මක වනු ඇති.