රාගම ගැටුමෙන් අරුන්දික නිදහස්

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට භාර දී තිබෙනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු කිසිඳු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුකර නැති බව පරීක්ෂණයේ දී නිරීක්ෂණය වූ බවයි අදාල විමර්ශන කමිටුව සඳහන් කර ඇත්තේ.

නීතිය අපක්ෂපාතීව ඉටු කිරීම සඳහා ද ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

සියලූ කරුණු සැලකිල්ලට ගෙන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝශි අයෙකු බව නිගමනය කරන බව කමිටුව වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පසුගිය පෙබරවාරි 01 වන දින රාත්‍රී රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂා කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »