Glen Iris ප්‍රදේශයේදී දුම්රියක ගැටුණු කතක අනූනවයෙන් බේරෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Glen Iris ප්‍රදේශයේදී දුම්රියක ගැටුණු කතක අනූනවයෙන් බේරෙයි

Glen Iris ප්‍රදේශයේදී දුම්රියක ගැටුණු කතක අනූනවයෙන් බේරෙයි

මෙල්බන් Glen Iris ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් එම මෝටර් රියේ ගමන් කල කාන්තාවක පුදුම සහගත අයුරින් බේරි තිබෙනවා.

High Street හිදී ඇය ගමන් කල මෝටර් රථය දුම්රිය මාර්ග හරහා නතරවී ඇති අතර  Glen Waverley හරහා පැමිණි දුම්රියක් හා ගැටී තිබෙනවා.

Honda Civic වර්ගයේ මෙම මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇතත් රියදුරු ලෙස සිටි කාන්තාව දිවි බේරා ගැනීමට සමත්ව ඇති බව සඳහන්.

දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව නතර කර තිබූ නමුත් මේ වනවිට යළිත් ආරම්භ වී තිබෙනවා.

https://www.9news.com.au/national/glen-iris-crash-woman-very-lucky-to-be-alive-after-train-hit-car-in-melbournes-south-east/12c4cbc0-5720-40cc-ab58-df174677f796

COMMENTS