ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිත මට්ටමක : IMF අනතුරු අගවයි

ණය ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අගවනවා.

විදේශ සංචිත පහළ යාම සහ ඉදිරි කාලය තුළ මූල්‍ය අවශ්‍යතා ඉහළ යාම ද ඊට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකව සමග පැවැත්වූ උපදේශන ක්‍රියාදාමයක් අවසානයේ සිය නිගමන ඉදිරිපත් කරමිනුයි.

ණය කළමණාකරණය – ක්ෂුද්‍ර මූල්‍ය ස්ථායිතාව සහ දිළිඳුකම තුරන් කිරිමට අදාළව ඉදිරියේදී ශක්තිමත් පියවර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසු කඩා වැටීම ආරම්භවූ ශ්‍රී ලංකා ආර්ථිකයට කොවිඩ් වසංගතයත් සමග මරු පහරක් එල්ලවූ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙසත් – දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමත් ඔවුන් නිකුත් කර ඇති නිර්දේශ අතරට අයත්.

විදේශ සංචිත නැවත වර්ධනය කර ගැනීමට පියවර ගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දෙන්නේ තරුණ විරැකියාව අඩු කිරිම – දූෂණය පිටුදැකීම මෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමණාකරණය විධිමත්ව පවත්වාගෙන යා යුතුවීමද සිය නිර්දේශ අතර වන බවයි.

https://www.imf.org/en/News/Articles/2022/03/02/pr2254-sri-lanka-imf-executive-board-concludes-2021-article-iv-consultation-with-sri-lanka

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »