
නිරුවත් දර්ශන එවන ලෙස බාලවයස්කාර දැරියන්ට තර්ජනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මෙල්බන්වාසී ශ්‍රී ලාංකික සිසුවෙකු වන රන්පති අමරසිංහට වසර 13 හාමාරක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
ඒ වික්ටෝරියා අධිකරණයක් විසින් ඔහුට ඊයේ දඩුවම් නියම කල අවස්ථාවේදියි.
සරසවි සිසුවෙකු ලෙස සිටියදී සැකකරු අත්අඩංගුවට ගැණුනේ 2020 වසරේදීයි.

විමර්ශනවලදී අනාවරණය වූයේ මොහු අවුරුදු 10 ක් වියෙහි පසුවන බාලවයස්කාර දැරියන්ට පවා තර්ජන එල්ල කර තිබූ බවයි.
ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ එවන ලෙසත් නොඑසේනම් වෙනත් අයගේ ඡායාරූප ගෙන සකස් කර ඒවා මිතුරන් හා ඥාතීන්ට යොමුකරන බවටත් සැකකරු විසින් දැරියන් බ්ලැක්මේල් කර තිබූ බවද සඳහන්.

ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහු සිර දඩුවම අවසානයේ යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇති.