රුසියාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි – ලංකාව නිහඩයි / ඔස්ටේ්‍රලියාව පක්ෂයි

රුසියාව විසින් යුක්රේනයට සිදුකෙරෙන පහරදීම් වහා නතර කර එරටින් හමුදා සෙබලුන් ඉවත් කර ගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 136 කින් සම්මත වී තිබෙනවා.

ඊට පක්ෂව ඡන්ද 141 ක් ලැබී තිබූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 05 ක් පමණයි.

රුසියාව සමග බෙලරුසියාව – උතුරු කොරියාව – සිරියාව සහ එරිත්‍රියාව පමණක් විරුද්ධව ඡන්දය භාවිත කලා.

ඔස්ටේ්‍රලියාව යෝජනාවට පක්ෂවයි ඡන්දය භාවිත කලේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව – ඉන්දියාව – පකිස්ථානය සහ චීනය ඇතුලු රටවල් 34 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.

රටවල් 96 ක අනුග්‍රාහකත්වයෙනුයි මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »