
කොවිඩ් වසංගතය හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ සිටීමට කාලය අහිමිවූ Skilled-Recognised Graduate (Subclass 476) වීසා ලාභින්ට මාස 24 ක් දක්වා වීසා බලපත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
මෑතකදී උපාධිය ලද ඉංජිනේරු සිසුන්ට ඔස්ටේ්‍රලියාව තුළ වාසය කිරීමට – පදිංචි වීමට හෝ තවදුරටත් අධ්‍යාපනය හැදෑරීමට මෙමගින් අවස්ථාව උදාවනවා.
ලබන මාසයේ සිට බලාත්මක වන මෙම නව වෙනසත් සමග 2024 වසරේ අප්‍රේල් දක්වා ඔවුන්ට මෙරට තුළ වාසය කිරීමට අවසර හිමිවනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ සේවක හිගයට මුහුණ දීම සඳහා සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන්ගේ සේවය ලබාගැනීම අරමුණු කරගෙනයි සංක්‍රමණ අමාත්‍යවරයා විසින් මෙම සංශෝධනය හඳුන්වාදි ඇත්තේ.
කොවිඩ් හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටීමට සිදුවූ වීසා ලාභීන්ට මෙරට තුළ ගතකිරීමට නොහැකි වූ කාලය මෙමගින් පියවෙනු ඇති.

දැනටමත් ඔවුන් විදේශයක සිටී නම් වීසා කාලය දීර්ඝ කර ගැනීමෙන් පසු ඔස්ටේ්‍රලියාවට පැමිණීමටද අවස්ථාව උදාවනවා.