දින 700 කට පසු බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

දින 700 කට පසු බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කෙරේ

දින 700 කට පසු බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කෙරේ

දින 700 කට ආසන්නව වසා දමා තිබූ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා අද අලුයම විවෘත කෙරුණා.

කොවිඩ් වසංගතය ආරම්භයේදී 2020 වසරේ අප්‍රේල් 05 වනදා වසා දැමුණු එම ප්‍රාන්ත සීමා අද අලුයම මෙලෙස විවෘත වූයේ දින 696 කට පසුවයි.

එන්නත් මාත්‍රා 03 ක් ලබා ඇති සහ ප්‍රාන්ත සීමා බලපත්‍රයක් ඇති ඕනෑම අයෙකුට කිසිදු අවහිරයකින් තොරව දැන් බටහිර ඔස්ටේ්‍රලියාවට ඇතුලුවිය හැකි වනවා.

අද දිනයේ පර්ත් ගුවන් තොටුපළට පැමිණෙන පළමු සංචාරකයන් කණ්ඩායමට සංචාරක වවුචර් පත් ලබාදීමටද පියවර ගෙන තිබෙනවා.

මේ අතර ආසාධිතයන් වාර්තාවීම ඉහළ ගියහොත් ඊට මුහුණදීමටද රෝහල් පද්ධතිය ශක්තිමත් කර ඇති බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියාසිටියේ.

https://www.9news.com.au/national/coronavirus-wa-updates-western-australia-hard-border-comes-down-state-reopens/a63aea54-2a9b-49cc-ad9e-5e143b2e3adc

COMMENTS