e-cigarette එකක් භාවිත කල වික්ටෝරියා 06 හැවිරිදි දරුවෙකු රෝහලේ – AusLanka TV – Australian News for the Sri Lankan community

e-cigarette එකක් භාවිත කල වික්ටෝරියා 06 හැවිරිදි දරුවෙකු රෝහලේ

e-cigarette එකක් භාවිත කල වික්ටෝරියා 06 හැවිරිදි දරුවෙකු රෝහලේ

e-cigarette, හෙවත් vape එකක් භාවිත කල වික්ටෝරියා ප්‍රාන්තයේ 06 හැවිරිදි දරුවෙකු රෝහල්ගත කර තිබෙනවා.

ඔහුට දිගු වේලාවක් පුරා කැස්සක් පැවති බවයි පියා විසින් රෝහලට දන්වා ඇත්තේ.

මෙම දරුවා සහ ඔහුගේ සහෝදරයා වන 07 හැවිරිදි සිසුවෙකු Geelong ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර පසුගිය සතියේදී ඔවුන්ගේ මිතුරෙකු වන තවත් 07 හැවිරිදි සිසුවෙකු විසින් මෙම vape එක ඔවුන්ට ලබාදී තිබෙනවා.

වික්ටෝරියා සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දනු්වා සිටින්නේ මෙවැනි උපකරණ භාවිතයේදී හැකිතාක් දරුවන්ට නොපෙනෙන අයුරින් සිදුකරන ලෙසයි

එමෙන්ම එවැනි උපකරණ කුඩා ළමුන්ට සමීපවිය නොහැකි ස්ථානයක තබන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

https://www.9news.com.au/national/sixyearold-hospitalised-after-smoking-vape-at-victorian-school/c7546331-0b99-4ca6-9a51-5ea1cd95ebf0

COMMENTS