රුසියානු ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් – AusLanka TV – Australian News for the Sri Lankan community

රුසියානු ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම්

රුසියානු ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම්

රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කලාපයට පිවිසීම තහනම් කර තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩ්න් විසින් එය නිල වශයෙන් දන්වා සිටියේ අමෙරිකානු කොංග්‍රසය අමතමිනුයි.

රුසියාව තවදුරටත් හුදකලා කර තැබීම මෙහි අරමුණ බවත් පණවා ඇති ආර්ථික සම්බාධක හමුවේ රුසියාවේ ආර්ථිකය දැනටමත් කඩා වැටී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

යුරෝපා සංගමය සහ කැනඩාව විසින්ද දැනටමත් රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් කලාප වසා දමා අවසන්.

මේ අතර අමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං අද නිවේදනය කලේ රුසියාව සමග සියලු සබඳතා අත්හිටුවන අතර නඩත්තු හෝ තාක්ෂණික සහය සැපයීමෙන් වළකින බවයි.

COMMENTS