
රුසියාව තුළ සිය නිෂ්පාදන අලෙවිය අත්හිටුවීමට සුප්‍රකට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.
යුක්රේනය තුළ දැනට පවතින තත්වය සම්බන්ධයෙන් දැඩි කණගාටුවට පත්ව සිටින බවයි එම සමාගම නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
ඇපල් ජංගම දුරකථනවලට අමතරව Apple Pay වැනි අනෙකුත් සේවා ද රුසියාව තුළ අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම වෙනත් රටවල සිට රුසියාවේ රාජ්‍ය මාධ්‍ය වෙත පිවිසීමද අවහිර කිරීමට ඇපල් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.
යුක්රේන ජාතිකයන්ගේ ආරක්ෂාව සළකා එරට සජිවී ඇපල් සිතියම් ක්‍රියාකාරිත්වයද මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

COMMENTS