පවුලේ සාමාජිකයින් භූගත බංකරයකට යවා, පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

පවුලේ සාමාජිකයින් භූගත බංකරයකට යවා, පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙයි

පවුලේ සාමාජිකයින් භූගත බංකරයකට යවා, පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බව රුසියාවේ හිටපු විද්‍යාඥයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

61 හැවිරිදි එම විද්‍යාඥයා පවසන්නේ පුටින් මේවනවිටත් ඒ සදහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව ඔහු පසුගිය සති අන්තයේදී සිය පවුලේ සාමාජිකයින්ව සයිබීරියාවේ භූගත බංකරයකට යොමු කර ඇතැයිද එම විද්‍යාඥයා අනාවරණ කර තිබෙනවා.

කෙසේවෙතත් එය හුදෙක් බංකරයක් නොව සයිබීරියාවේ ඇල්ටායි කදුකරය ආසන්නයේ භූ ගතව ඉදිකළ නගරයක් බවටයි විදෙස් වාර්තා අනාවරණ කරන්නේ.

එහි සුව පහසු ජීවිතයක් සදහා අවශ්‍ය සියලූ පහසුකම් මෙන්ම අන්තර්ජාල පහසුකම් ඇති බවද එම විද්‍යාඥයා අනාවරණ කර තිබෙනවා.

https://www.dailymail.co.uk/news/article-10563727/amp/Putin-moves-family-members-Siberian-underground-city-designed-survive-nuclear-war.html

COMMENTS