Search

සත්‍යය ජයගනී – Herald Sun කසුන් ගම්ලත්ගෙන් සමාව අයැදී

කීර්ති නාමයට අපහාස වන පුවතක් පළකිරීම සම්බන්ධයෙන් Herald Sun පුවත්පත විසින් Tingo Education සහ මෙරට සිටින කීර්තිමත් වෘත්තිකයෙකු වන කසුන් ගම්ලත් ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

2020 වසරේ පළකල අදාළ පුවත මගින් තමාට අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා නගා තිබූ බවටයි කසුන් ගම්ලත් විසින් එම වකවානුවේ පළකල ෆේස්බුක් සටහනක දක්වා තිබුණේ.

පසුව වික්ටෝරියා අධිකරණයක මේ සම්බන්ධයෙන් අපහාස නඩුවක් ගොණු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ Herald Sun පුවත්පත විසින් කරුණු නිසි ලෙස වටහා ගැනීමකින් තොරව අදාළ අසත්‍ය පුවත පළකර තිබූ බවයි.

ඔවුන් අදාළ තොරතුරු ලබාගෙන තිබුණේද එකම ක්ෂේත්‍රයේ නිරතවන වෙනත් තරගකාරී පාර්ශවයකින් වන අතර මේ හරහා අයථා වාසියක් ලබාගැනීම එම පාර්ශවයේ අරමුණ වී තිබුණා.

නඩු විභාගයේදී ඇතිකරගත් එකගතාවයක් අනුව අද දිනයේදී Herald Sun පුවත්පත විසින් Tingo Education සහ කසුන් ගම්ලත්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කසුන් ගම්ලත් පවසා සිටින්නේ තමාට සිදුවූ හානිය මුලුමනින්ම යථා තත්වයට පත් කල නොහැකි නමුත් සත්‍යය ජය ගැනීම පිළිබඳ සතුටු වන බවයි.

Tingo Education සහ කසුන් ගම්ලත් සැළකෙන්නේ ඔස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපනයේදී නොමද සහයක් ලබාදෙන විශ්වසනීය පාර්ශවයක් ලෙසයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »