යුක්රේනයට ඩොලර් මිලියන 70 ක ඔස්ටේ්‍රලියා යුධ ආධාර

යුක්රේනයට ඩොලර් මිලියන 70 කට ආසන්න වටිනාකමින් යුත් යුධ ආධාර සැපයිමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

රුසියාවට එරෙහිව යුධ වැදීම සඳහා මෙම ආධාර සපයන බවයි අගමැති ස්කොට් මොරිසන් කැන්බරා නුවර අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ.

මිසයිල – උණ්ඩ ඇතුලු යුධමය ආධාරද මේ අතර වනවා.

රුසියානු – යුක්රේන අර්බුදයේදී අමෙරිකාව – බ්‍රිතාන්‍යය – නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය දරන ස්ථාවරයේම ඔස්ටේ්‍රලියාවද පසුවන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

පාපන්දු – රග්බි වැනි ක්‍රීඩා සම්මේලන විසින් රුසියාවට තහනම් පැණවීමද අගමැතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරනු ලැබුවා.

https://www.9news.com.au/national/australia-sending-70-million-in-lethal-missiles-weaponry-to-ukraine-to-fight-russia/79f2156a-5cf3-4337-8d75-6919d369230f

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »