
නවසීලන්ත දේශ සීමා විවෘත කිරිමේ සැළසුම නියමිත දිනයට පෙර සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එන්නත් මාත්‍රා 02 ක් ලබා ඇති විදෙස් සංචාරකයන්ට හෙට එනම් මාර්තු 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්තයට පැමිණීමේදී ස්වයං නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන්නේ නැහැ.
නවසීලන්ත දේශ සීමා විවෘත කිරිමේ දෙවන අධියර හෙවත් නවසීලන්ත පුරවැසියන්ට කිසිදු බාධාවකින් තොරව මව්බිමට පැමිණීමට ලබන සිකුරාදා සිට අවසර ලැබනු ඇති.

පළමුවෙන් එය සැළසුම් කර තිබුණේ මාර්තු 13 වනදායි.
වසර 02 ක් වසා දමා තිබූ නවසීලන්ත දේශ සීමා අධියරෙන් අධියර විවෘත කිරීමටයි එරට රජය සති කිහිපයකට පෙර නිවේදනය කලේ.
