යුක්රේනයේ සිටින ලාංකිකයන් 40 දෙනෙකු ඉවත් කර ගැනීමට පියවර – AusLanka TV – Australian News for the Sri Lankan community

යුක්රේනයේ සිටින ලාංකිකයන් 40 දෙනෙකු ඉවත් කර ගැනීමට පියවර

යුක්රේනයේ සිටින ලාංකිකයන් 40 දෙනෙකු ඉවත් කර ගැනීමට පියවර

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු පෝලන්ත දේශ සීමාව හරහා ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ සිසුන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි.

පෝලන්තයේ වෝර්සෝ සහ තුර්කියේ අන්කාරා නුවර පිහිටා ඇති තානාපති කාර්යාල මගිනුයි ඊට අදාළ පහසුකම් සැළසීම් සිදුකරනු ලබන්නේ.

අදාළ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු එම තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කලේ.

යුක්රේනය සමග දේශ සීමා පවතින රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්වය සම්බන්ධයෙන්ද විමසිලිමත්ව සිටින බව මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර බෙලරුසියාවේ විශ්ව විද්‍යාල 08 ක හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන හදාරන සිසුන් 1556 දෙනෙකු ඇතුලුව එරට සිටින ලාංකිකයන් 1600 ක් සම්බන්ධයෙන්ද සමීපව නිරීක්ෂනය කරමින් සිටින බව විදේශ අමාත්‍යංශය කියාසිටියා.

කලාපයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ අදාළ තානාපති අංශ සමග නිරතුරුව සමීප සබඳතාවයක් පවත්වා ගන්නා ලෙසයි.

COMMENTS