
පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය නොවීම අද සිට බලාත්මක වනවා.
කෙසේවෙතත් පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් අනිවාර්යයෙන් ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.
යම් සංචාරකයෙකු කොවිඩ් එන්නතෙහි නිර්දේශිත දෙවැනි මාත්‍රාව ලබා සති දෙකකට පසු විදේශගත වුවහොත් ඔහු හෝ ඇය පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු ලෙසයි සැළකෙන්නේ.

එමෙන්ම තනි මාත්‍රාවක් ගැනීම පමණක් අනුමත එන්නතක් ලබා ඇත්නම් එවැනි පුද්ගලයන්ද පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අයෙකු ලෙස පිළිගැනෙනවා.
අවම වශයෙන් පිළිගත් කොවිඩ් එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අවුරුදු දහ අට සහ ඊට අඩු දරුවන්, එන්නත ලබාදී සති දෙකකට පසු විදේශගත වුවහොත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන් වශයෙන් සැළකෙනවා.

ශ්‍රී ලංකාවට පිටත් වන දිනට පෙර දින 07 සිට මාස 06 දක්වා කාලය තුළ කොවිඩ් ආසාදනය වී ඇති සංචාරකයින් අවම වශයෙන් මාත්‍රා දෙකක එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ඇත්නම් ශ්‍රී ලංකාවට පිටත් වීමට පෙර සිදු කරන කොවිඩ් පරීක්ෂණයෙන් නිදහස් කෙරෙනු ඇති.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අවුරුදු දොළහක් හෝ ඊට වැඩි සියලූම සංචාරකයින් අනිවාර්යයෙන්ම ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.
එම වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතු අතර පී සී ආර් පරීක්ෂණයක් නම් පිටත්වීමට පැය 72 කට පෙර සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් නම් පිටත්වීමට පැය 48 කට පෙර සිදුකළ යුතු වනවා.
COMMENTS