යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා සඳහා එකගතාවයක්

යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා සඳහා එකගතාවයක් ඇතිවී තිබෙනවා.

යුක්රේන ජනාධිපති කාර්යාලය සඳහන් කලේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව දෙපාර්ශවය යුක්රේන – බෙලරුසියා දේශසීමාවේදී මුණගැසීමට තීරණය වී ඇති බවයි.

යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුවයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.

යුක්රේන නියෝජිත පිරිස පැමිණ සාකච්ඡා පවත්වා යළි යුක්රේනයට පැමිණෙන තුරු, බෙලරුසියාව තුළ ස්ථාපිත කර ඇති සියලු යුධ ගුවන් යානා – හෙලිකොප්ටර් සහ මිසයිල ක්‍රියාත්මක නොකරන බවටද බෙලරුසියානු ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් ලබාදී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කලා.

SOURCE : BBC

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »