Search

යුක්රේන ජාතිකයන්ට වික්ටෝරියාවේ දොර ඇරේ

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

යුධමය තත්වය හමුවේ රටින් පළා යන යුක්රේන ජාතිකයන්ට තාවකාලික හෝ ස්ථිර පදනමින් රැකවරණය දීමට සූදානම් බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ අනෙකුත් ප්‍රාන්ත රජයන් හා ෆෙඩරල් රජයද සමග එක්ව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

දිගු කාලයක සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ යුක්රේන ප්‍රජාවක් වාසය කරන බව අගමැතිවරයා පෙන්වාදෙනවා.

ඔවුන්ගේ හිත මිතුරන් සහ ආදරණීයයන්ට අවශ්‍ය ඕනෑම සහයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් බවද ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

යුද්ධයෙන් පළායන අහිංසක ජනතාව ආරක්ෂා කරගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය හැකි සෑම පියවරක්ම ගන්නා බවද ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »