රුසියානු බැංකු රැසක් SWIFT ගෙවීම් ක්‍රමයෙන් ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

රුසියානු බැංකු රැසක් SWIFT ගෙවීම් ක්‍රමයෙන් ඉවතට

රුසියානු බැංකු රැසක් SWIFT ගෙවීම් ක්‍රමයෙන් ඉවතට

රුසියානු බැංකු රැසක් SWIFT ගෙවීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට අමෙරිකා – බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් බළධාරීන් තීරණය කර තිබෙනවා.

එමගින් රුසියාවේ බැංකු කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි අපේක්ෂිතයි.

රුසියානු මධ්‍යම බැංකුවේ ඇති ඩොලර් බිලියන 630 ක් පමණ වන විදේශ සංචිත වෙනත් රටවලදී භාවිත කිරීම වළක්වාලීමද ඊට අයත්.

එමෙන්ම ධනවත් රුසියානුවන්ට වෙනත් රටවල පුරවැසිභාවය ලබාගැනීමේ අවස්ථා සීමා කිරීමද බටහිර රටවල් රැසක් විසින් පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

රුසියානු ප්‍රහාර දැඩි වනු ඇතැයි අපේක්ෂාවෙන් යුක්රේනයේ කිව් අගනුවර ඇඳිරි නීතිය ලබන සඳුදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මහා මාර්ගයේ රැඳී සිටීම සපුරා තහනම් වනු ඇති. මේ අතර යුක්රේනයට සැපයෙන යුධමය ආධාර ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ඩොලර් මිලියන 350 ක් වටිනා ගිනි අවි – යුධ ටැංකි නාශක මිසයිල සහ ගුවන් යානා නාශක මිසයිල සැපයීමටයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ජර්මනිය – නෙදර්ලන්තය ඇතුලු තවත් රටවල් රැසක් විසින්ද එවැනිම තීරණ ගෙන තිබෙනවා.

COMMENTS