
ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවුණා.
ඒ ඊයේ ධරම්සාලා හි පැවති දෙවන තරගයෙන් කඩුලු 07 ක ජයක් ලබාගැනීමත් සමගයි.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාවේ ආරාධනය අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 05 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 183 ක්.

පැතුම් නිස්සංක 75 යි.
නායක දසුන් ශානක නොදැවී 47 ක්ද ධනුෂ්ක ගුණතිලක 38 ක්ද රැස්කලා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දියාව පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.
ශ්‍රෙයාස් අයියර් නොදැවී 74 ක්ද රවීන්ද්‍ර ජඩේජා නොදැවී 45 ක්ද සංජු සැම්සන් ළකුණු 39 ක්ද ලබාගත්තා.
දෙරට අතර 03 වන පන්දුවාර 20 තරගය අද රාත්‍රී 07 ට ධරම්සාලා හිදී පැවැත්වීමට නියමිතයි.