Search

යුක්රේන ජාතිකයන්ගේ වීසා අයදුම්පත් සඳහා ඉහළම ප්‍රමුඛතාවය දෙන්නැයි අගමැති දන්වයි

දැනට සළකා බැලෙන ඔස්ටේ‍රලියා වීසා අයදුම්පත් අතුරින් ඉහළම ප්‍රමුඛතාවය යුක්රේන ජාතිකයන්ගෙන් ලැබී ඇති අයදුම්පත් සඳහා ලබාදෙන ලෙස අගමැති ස්කොට් මොරිසන් විසින් උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මේ වනවිටත් අයදුම්පත් 430 ක් කෙරෙහි වැඩි අවධානයක් ලබාදී ඇති බවද සඳහන්.

යුධමය ආක්‍රමණය හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂා කරන යුක්රේන ජාතිකයන්ට ඒ සඳහා වීසා කාණ්ඩ කිහිපයක්ම පවතින බවද අගමැති මොරිසන් ප්‍රකාශ කලා.

ඒ අනුව humanitarian, skilled, student යන වීසා කාණ්ඩ 03 න් සුදුසු ඕයුක්රේන ජාතිකයන්ගේ වීසා අයදුම්පත් සඳහා ඉහළම ප්‍රමුඛතාවය දෙන්නැයි අගමැති දන්වයිනෑම කාණ්ඩයක් යටතේ නිසි අයුරින් ඉදිරිපත් වන අයදුම්පත් සඳහා වීසා බලපත් නිකුත් කිරීමටයි ආගමන අංශ වෙත දන්වා ඇත්තේ.

මේ අතර දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින යුක්රේන ජාතිකයන්ගේ වීසා බලපත් කාලසීමාව තවත් මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා.

https://7news.com.au/politics/ukrainian-visas-prioritised-after-invasion-c-5835944

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »