Search

උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් – ලංකාවට රන් පදක්කම් 02 ක්

ගෘහස්ථ උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට උෂාන් තිවංක සමත්වී තිබෙනවා.

ඒ අමෙරිකාවේදී පැවැත්වෙන ලෝන් ස්ටාර් ගෘහස්ථ මළල ක්‍රීඩා ශූරතාවලියේදීයි.

ඔහු එහිදී වාර්තා කර ඇති දක්ෂතාවය මීටර 2.27 ක්.

පනසුගිය වසරේදී ඔහු විසින්ම තබන ලද මිටර් 2.26 ක දක්ෂතාවයයි ඔහු විසින් බිඳ හෙලා ඇත්තේ.

මේ අතර සිංගප්පූරුවේ පැවැත්වෙන අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට අද රන් පදක්කම් 02 ක් හිමිවුණා.

චතුරංග ලක්මාල් කිලෝ ග්‍රෑම් 67 බර පන්තියෙන්ද – ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන්ද එම ජයග්‍රහණ අත්කර ගැනීමටයි සමත්වූයේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »