රුසියාව ආක්‍රමණය කරද්දී චීනයේ හැසිරීම කණගාටුදායක බව අගමැති මොරිසන් කියයි

Prime-Minister-Scott-Morrison.

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය සිදුකරද්දී චීනයේ හැසිරීම කණගාටුදායක බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

අවම වශයෙන් රුසියාවේ ක්‍රියාකලාපය හෙළා දැකීමට හෝ කටයුතු නොකිරිම ගැටලු සහගත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලොවම රුසියාවට සම්බාධක පණවමින් සිටියදී චීනය විසින් වෙළඳ සීමා තවත් ලිහිල් කිරීම ප්‍රශ්ණ සහගත බවද අගමැති මොරිසන් ප්‍රකාශ කලා.

රුසියාවේ නිෂ්පාදිත තිරිගු කිසිදු සීමාවකින් තොරව මිළදී ගැනීමට චීනය විසින් එකගවී ඇති බවටයි වාර්තා පළවී ඇත්තේ.

රුසියානු ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් ඊයේ දිනයේදී ඔස්ටේ්‍රලියාවේ ස්ථාන කිහිපයක විරෝධතාද පැවැත්වුණා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »