Search

යුක්රේන අර්බුදය : ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් – ධාන්‍ය – ඇලුමිනියම් හිගයක් ?

යුක්රේන අර්බුදය හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් – ධාන්‍ය සහ ඇලුමිනියම් හිගතාවයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ දැනටමත් ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර මෙරටදී නිපදවන තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව සඳහන්.

ලෝකයේ ධාන්‍ය අවශ්‍යතාවයෙන් සියයට 25 ක් පමණ නිපදවන්නේ රුසියාව සහ යුක්රේනය තුළයි.

එබැවින් පවතින යුධ තත්වය නිසා ගෝලීය ධාන්‍ය සැපයුමටද බාධා එල්ලවීමේ අවධානමක් පවතිනවා.

ක්වීන්ස්ලන්ඩ් ග්ලැඩ්ස්ටන් හි ඇති විශාල ඇලුමිනියම් කම්හලේ හිමිකාරීත්වය දරන්නේ රුසියානු සමාගමක් විසිනුයි.

එහෙත් දැනට පවතින සම්බාධක හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ඇණහිටීමේ අවධානමක්ද උද්ගත වී තිබෙනවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව තුළ ධාන්‍ය සැපයුම යහපත් මට්ටමක පවතින බැවින් එහි බලපෑම අවම මට්ටමකයි පවතින්නේ.

https://www.9news.com.au/national/russia-invasion-ukraine-economic-impact-price-of-grain-petrol-aluminium/476f8c8d-f388-47ad-a6c8-90420d3927a3

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »