Search

යුක්රේන අර්බුදය හේතුවෙන් අලුත උපන් බිළිඳිය බැලීමට නොහැකිව සිටින මෙල්බන් යුවළක්

යුක්රේන – රුසියා අර්බුදය හේතුවෙන් සිය අලුත උපන් බිළිඳිය බැලීමට යාමට නොහැකිව සිටින මෙල්බන්වාසී යුවළක් පිළිබඳ පුවතක් වාර්තා වනවා.

Jess සහ Kevin නම් මොවුන් දෙදෙනාට දාව බිළිඳෙකු යුක්රේනයේ උපත ලබා තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.

ඔවුන් බිළිඳිය දැක බලාගැනීම සඳහා පසුගිය අගහරුවාදා දිනයේදී මෙල්බන් සිට ඩුබායි හරහා යුක්රේනයේ ඔඩෙස්සා දක්වා ගමන් කිරිමට නියමිතව සිටියා.

එහෙත් අවසාන මොහොතේ ඔවුන් ගමන් කල ගුවන් යානය පෝලන්තයට හරවා යවා තිබෙනවා.

සති 28 ක් වයසැති මෙම බිළිඳිය නියමිත කාලයට අඩුවෙන් උපත ලබා ඇති අතර ඇයගේ බර ග්‍රෑම් 1500 ක් පමණක් වූ බවද සඳහන්.

දරුවෙකු ලැබීමට ගොස් අවස්ථා ගණනාවකදී අසාර්ථකවීම හමුවේ Surrogate ක්‍රමයට බිළිඳියක ලැබූ මෙම යුවළ යුක්රේන හා ඔස්ටේ්‍රලියා බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පෝලන්තයේ සිට කෙසේ හෝ යුක්රේනය දක්වා ගමන් කිරීමට අවසර දෙන ලෙසයි.

https://www.9news.com.au/national/russia-ukraine-aussie-parents-struggling-to-reach-their-baby-born-by-surrogate-in-ukraine/4d87e7bd-836d-4a39-813c-29b54583cfd0

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »