
කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ නිල් ආරනූල් වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබෙනවා.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේ මැණික් ගලකට ගිනස් වාර්තාවක් ලද පළමු අවස්ථාව මෙය බවයි.
කිලෝග්‍රෑම් 510 කින් යුත් එම මැණික් පොකුර සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේදි මේ වෙනවිට පරීක්ෂණ කටයුතු සිදුවන බවද ඔහු පැවසුවා.

කොරන්ඩම් හෙවත් කුරුවින්ද කුළයේ ලොව විශාලතම නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මෙම මැණික් පොකුර ඉකුත් වසරේ ජූලි 27 වනදා මෙරටින් සොයාගැණුනේ රත්නපුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ළිඳක් හෑරීමේදීයි.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික වන බවට ඇස්තමේන්තු කර ඇත්තේ.

COMMENTS