ඔස්ටේ්‍රලියාවෙන් රුසියාවට තවත් සම්බාධක – යුක්රේන පුරුෂයන්ට රටින් පළායෑම තහනම්

ඔස්ටේ්‍රලියාව විසින් රුසියාවට එරෙහිව තවත් සම්බාධක පණවා තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ පවතින තත්වය සළකා බැලීමෙන් අනතුරුව සම්බාධක දැඩි කිරීමට පියවර ගන්නා බවයි.

රුසියානු හමුදා විසින් උතුර – නැගෙනහිර සහ දකුණ යන පැති 03 ම වටකර යුක්රේනයට පහරදීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ රුසියානු හමුදා කිව් නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

යුක්රේන රජයේ වාර්තා අනුව ඊයේ දිනය තුළ ගැටුම්වලින් මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 137 ක්.

හමුදා සෙබලුන් මෙන්ම සිවිල් වැසියන්ද ඒ අතර වන බව සඳහන්.

මේ අතර පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති චර්නොබිල් න්‍යාෂ්ඨික බලාගාරය අත්පත් කරගැනීමට රුසියානු හමුදාව සමත්වුණා.

යුක්රේනයේ කිව් අගනුවර සිට කිලෝමීටර් 130 ක් දුරිනුයි එය පිහිටා ඇත්තේ.

1986 වසරේදී එහි සිදුවූ පිපිරීම ලොව දරුණුම න්‍යෂ්ඨික අනතුරක් ලෙසයි සැළකෙන්නේ.

කෙසේවෙතත් එහි විකිරණවල බලපෑම් තවමත් පවතිනවා.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි විසින් දින 90 කට බලපැවැත්වෙන පරිදි පූර්ණ හමුදා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

රුසියාවේ ක්‍රියාකලාපය හෙළා දකිමින් ජගත් ආරක්ෂක කවුන්සිලයට ගෙනා යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.

රුසියානු හමුදා වහා යුක්රේනයෙන් පිටවිය යුතු බවටයි එහි දැක්වෙන්නේ.

ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට යුක්රේනය හැරගොස් ඇති බව නවතම වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් අවුරුදු 18 ත් 60 ත් අතර යුක්රේන පුරුෂයන්ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා.

මාර්ෂල් නීතිය යටතේ එය ක්‍රියාත්මක වන්නේ.

මේ අතර පවතින තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීනය පවසනවා.

කෙසේවෙතත් ජනාධිපති ෂී ජිංපින් රුසියානු ජනාධිපති පූටින් සමග සාකච්ඡා කිරීමට ඇති ඉඩකඩ ඉතා අවම බවද සඳහන්.

මේ අතර බටහිර රටවල් රැසක් විසින් රුසියාවට එරෙහිව තවත් සම්බාධක පණවා තිබෙනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »