වර්ජින් ඔස්ටේ්‍රලියා රැකියා සිය ගණනක් සඳහා සුදුස්සන් බඳවා ගනී

ගුවන් ක්ෂේත්‍රයට අදාළ රැකියා සිය ගණනක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ගුවන් යානා කාර්ය මණ්ඩලය – නඩත්තු අංශ – මෙහෙයුම් සහ නියමුවන් ඇතුලු අංශ ගණනාවක පුරප්පාඩු සඳහායි මෙලෙස බඳවාගැනීම් සිදුකෙරෙන්නේ.

ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කිරීමත් සමග ඉදිරියේදී ගුවන් ගමන් කර්මාන්තය නැවත කාර්ය බහුලවීම සැළකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් සමය ආරම්භයේදී තාවකාලිකව සේවයෙන් ඉවත් කරනු ලැබූ වර්ජින් සේවක සේවිකාවන්ටද නැවතත් සමාගම සමග එක්විය හැකි බවද ඔවුන් දන්වා ඇති බව සඳහන්.

දැනට වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවය සතු කාර්ය මණ්ඩලය 6000 කට අධික වනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »