
අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ නීති ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව මුහුණු ආවරණ අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනයේදී – ටැක්සි – ගුවන් යානා – ගුවන් තොටුපළ සහ ගෘහස්ථ කටයුතුවලදී මෙන්ම රෝහල් තුළදී පමණයි.
එමෙන්ම නිවසේ සිට රාජකාරි කිරීමේ රෙගුලාසියද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලා.

කෙසේවෙතත් ආගන්තුක සත්කාර – සිල්ලර අලෙවිසැල් – අධිකරණ වැනි අංශ සේවකයන් අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳිය යුතුයි.
03 වසරේ සිට ඉහළ සිසුන්ද – ප්‍රාථමික පාසල්වල හා early childhood හි සේවකයන්ද මුහුණු ආවරණ පැළඳිය යුතු නමුත් ද්වීතියික (secondary) පාසල්වල සේවකයන්ට එය අනිවාර්ය වන්නේ නැහැ.

මේ අතර ලබන 28 වනදා සිට පොදු රෝහල්වල elective සැත්කම්ද සියයට 100 ක ධාරිතාවයකින් පවත්වාගෙන යාමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අවසර දී තිබෙනවා.
COMMENTS