ලංකාවට එරෙහි පළමු T20 තරගයෙන් ඉන්දියාවට ළකුණු 62 ක ජයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවට එරෙහි පළමු T20 තරගයෙන් ඉන්දියාවට ළකුණු 62 ක ජයක්

ලංකාවට එරෙහි පළමු T20 තරගයෙන් ඉන්දියාවට ළකුණු 62 ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් ඉන්දියාවට ළකුණු 62 ක ජයක් අත්වුණා.

ලක්නව් හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02 ක් පමණක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 199 ක්.

ඉෂන් කිෂාන් 89 යි. ශ්‍රෙයාස් අයියර් නොදැවී 57 යි.

නායක රෝහිත් ශර්මා 44 ක් රැස්කලා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ළකුණු 137 ක් පමණයි.

චරිත් අසලංක නොදැවී 53 යි. දුෂ්මන්ත චමීර නොදැවී 24 ක් රැස්කලා.

බුවනේෂ්වර් කුමාර් ළකුණු 09 කට කඩුලු 02 ක්ද වෙන්කටේෂ් අයියර් ළකුණු 36 කට කඩුලු 02 ක් ද බිඳහෙලුවා.

දෙරට අතර දෙවන තරගය ධරම්සාලා හිදී පැවැත්වීමට නියමිතයි.

COMMENTS