
රුසියාව විසින් යුක්රේනයේ හඳුනා ගත් හමුදා සහ හමුදා සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් කෘස් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
යුක්රේනයේ හමුදා කඳවුරු කිහිපයකටම රුසියාව විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිය හමුදා යුක්රේනයේ හමුදා ඉලක්ක වලට පමණක් ප්‍රහාර එල්ල කරනු ලබන බවයි.

මේ අතර බෙලරුස් හි ස්ථාන ගත කර සිටින රුසියානු හමුදා භට පිරිස් මේ වන විට යුක්රේනයේ උතුරු දෙසින් ඉදිරියට ඇදෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
කෙසේවෙතත් රුසියානු ගුවන් යානා කිහිපයකටම තමන් පහරදුන් බවයි යුක්රේනයද නිවේදනය කලේ.

එමෙන්ම සිය රට තුළ මාර්ෂල් නීතිය පණවන ලෙස යුක්රේන ජනාධිපතිවරයා විසින් එරට ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
COMMENTS