බටහිර ඔස්ටේ්‍රලියා වෙනුවෙන් $ මිලියන 67 ක ආධාරක පැකේජයක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය වෙනුවෙන් ඩොලර් මිලියන 67 ක ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් පැවසුවේ ප්‍රාන්ත වැසියන්ට සහ ව්‍යාපාර සඳහා ඉදිරියේදී ඇතිවිය හැකි විවිධ බාධක සළකා එම තීරණය ගත් බවයි.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ විශාලතම ආදිවාසි ප්‍රජාව සිටින කලාපය ඊයේ සිට ලොක්ඩවුන් කෙරුණා.

ප්‍රාන්තයේ පළමු මාත්‍රාව සියයට 90 ක් පමණ ගෙන ඇති අතර දෙවන මාත්‍රාව සියයට 70 කට වඩා වැඩි පිරිසක් ලබාගෙන ඇති බවද සඳහන්.

අගමැතිවරයා පෙන්වා දෙන්නේ මෙය දිරිගන්වන සුළු තත්වයක් බවයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »