වික්ටෝරියා පොලිසියේ 1200 කට වැඩි පිරිසක් අවුරුදු 08 ක් හොරට වැඩ කරලා – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා පොලිසියේ 1200 කට වැඩි පිරිසක් අවුරුදු 08 ක් හොරට වැඩ කරලා

වික්ටෝරියා පොලිසියේ 1200 කට වැඩි පිරිසක් අවුරුදු 08 ක් හොරට වැඩ කරලා

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් නිළධාරීන් 1200 කට වැඩි පිරිසක් රාජකාරිවල නිරත වන්නේ නිසි අවසරයකින් තොරව බව අනාවරණය වී තිබෙනවා.

වසර 08 කට වැඩි කාලයක් පුරා ඔවුන් මෙලෙස කටයුතු කරමින් සිටින බවද සඳහන්.

පොලිස් නිළධාරීන් 1076 දෙනෙකු – PSO නිළධාරීන් 157 දෙනෙකු සහ පොලිස් අත්අඩංගුවට ගැනීමේ නිලධාරීන් 29 දෙනෙකු 2014 වසරේදී රාජකාරි සඳහා බඳවා ගත් අවස්ථාවේදී දිවුරුම් දී ඇත්තේ වැඩබලන සහකාර පොලිස් කොමසාරිස්වරයෙකු ඉදිරිපිටදීයි.

කෙසේවෙතත් ඔහුට ඒ සඳහා වික්ටෝරියා පොලිස් පණත් නීතිය යටතේ බලතල පවරාදී නොමැති බවයි තහවුරු වන්නේ.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන්ට නැවතත් දිවුරුම් දීමට සිදුවන අතර ඉන් 600 දෙනෙකු අද දිනයේදී දිවුරුම් දෙනු ඇති.

මෙහිදී පැණ නැගී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මෙම නිළධාරීන් පසුගිය වසර 08 පුරා සිදුකල ගිණි අවි රැගෙන යාම් – අත්අඩංගුවට ගැනීම් – චෝදනා ගොණු කිරීම් වැනි සියල්ල නීති විරෝධී බවත් ඒවාට ලක්වූවන්ට වික්ටෝරියා පොලිසියට එරෙහිව නඩු පැවරීමට හැකි බවටත් අදහස් පළවීමයි.

නිවේදනයක් නිකුත් කරන වික්ටෝරියා පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට ක්‍රියාත්මක නඩු කටයුතු සඳහා මෙමගින් කිසිදු බලපෑමක් නොමැති බවයි.

https://www.9news.com.au/national/victoria-police-officers-working-without-authority-due-to-administrative-bungle/91b50c3b-a0ca-415b-9a10-4493c7dc01d6

COMMENTS