
මුහුණු ආවරණ මත සනීපාරක්ෂක ද්‍රව්‍ය (සැනිටයිසර්) ස්ප්‍රේ කිරීම මගින් මුහුණු ආවරණයේ ක්‍රියාකාරීත්වය අඩුවන බව ඔස්ටේ්‍රලියාවේදී සිදුකල අධ්‍යයනයකදී හෙළිවී තිබෙනවා.
ඇල්කොහොල් වැනි ද්‍රව්‍ය ආලේපනය හරහා මුව ආවරණවලින් අපේක්ෂිත අරමුණු නිසි පරිදි ඉටු නොවන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.
විශේෂයෙන් මෙවැනි දෑ සිදුකර එකම මුහුණු ආවරණය අඛණ්ඩව භාවිත කිරීම හමුවේ නිසි රැකවරණයක් නොලැබෙන බවද ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් සඳහන් කරනවා.

එක් වරක් භාවිත කර ඉවත දැමිය යුතු මුහුණු ආවරණ සැනිටයිසර් යොදා පිරිසිදු කිරීමෙන් කිසිදු ප්‍රථිඵලයක් අත්නොවන බවද ඔවුන් ප්‍රකාශ කලා.

COMMENTS