ලන්ඩනයේදි රුපියල් 36,600 කට අලෙවි වන “කොස්” – AusLanka TV – Australian News for the Sri Lankan community

ලන්ඩනයේදි රුපියල් 36,600 කට අලෙවි වන “කොස්”

ලන්ඩනයේදි රුපියල් 36,600 කට අලෙවි වන “කොස්”

මෙම ඡායාරූපය BBC වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගන්නා ලද අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත විය.

“ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස් ගෙඩියක් යූරෝ 160කට (රු. 36,600කට පමණ) විකිණීමට තබා ඇත,” යන මැයෙන් පළකෙරුණු එය 100,000 වාරයකට වඩා share විය.

කොස් ගෙඩියේ ඉහළ මිල සටහන දුටු ට්විටර් පරිශීලකයින් තිගැස්මට පත්වූ අතර, බොහෝදෙනෙකු කොස් විකිණීමෙන් “කොස් කෝටිපතියන්” බවට පත්වීම සඳහා බ්‍රිතාන්‍යයට පියාසර කළ යුතු බවට විහිළු කළහ.

බ්‍රසීලයේ බොහෝ ප්‍රදේශවල දී නැවුම් කොස් ගෙඩියක් ඩොලර් 1.10 ට සමාන මිලකට (රු. 230ක පමණ මිළකට) සොයාගත හැකි අතර අනෙකුත් බොහෝ නිවර්තන රටවල ද ඒ හා සමානව දැරිය හැකි මුදලකට මිලට ගත හැකි ය.

බොහෝ තැන්වල බහුලව පිහිටා ඇති කොස් ගස්වලින් නොමිලේම ගෙඩියක් නෙලාගත හැකි නමුත්, ඵලදාවෙන් අති බහුතරය බ්‍රසීලයේ වීදි අයිනේ වැටී, නරක් වී යනු දක්නට ලැබේ.

COMMENTS