අනිද්දා සිට ලිහිල්වන ACT නීති මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

අනිද්දා සිට ලිහිල්වන ACT නීති මෙන්න

අනිද්දා සිට ලිහිල්වන ACT නීති මෙන්න

පෙබරවාරි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ACT බොහෝ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ.

නමුත් පොදු ප්‍රවාහන සේවයේදී, රෝහල්/ වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන/ හෝ නේවාසික මධ්‍යස්ථාන වැනි ඉහල අවදානමක් සහිත පරිසර වලදී මුහුණු ආවරණ පැළඳිය යුතුය.

එමෙන්ම රාජකාරි කටයුතු අතරතුර /ගුවන් තොටුපළේදී/ ගුවන් ගමන්වලදී සහ පාසල්වලට අමුත්තන් වශයෙන් යාමේදී මුහුණු ආවරණ පැළඳිය යුතු වේ.

වසර 7 සිට 12 දක්වා සිසුන් පාසලේ සිටියදී මුහුණු ආවරණ පැළඳිය යුතුය.

පෙබරවාරි 28 වැනි සඳුදා දින සිට නිව් සවුත් වේල්ස්හි පාසල් සඳහා පවතින කොවිඩ් නීති ලිහිල් කිරීම සිදු වේ.

මේ ඔස්සේ විවිධ ශ්‍රේණි වල සිසුන් හට එක වීමට හැකියාව හිමි වන අතර දෙමාපියන්ට සහ අමුත්තන්ට පාසල් තුලට පැමිණීමට හැකියාව හිමිවේ.

COMMENTS