Search

යුක්‍රේන වැසියන්ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරෙයි

යුක්‍රේනයේ සිට පැමිණෙන පුද්ගලයින්ගේ වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඕස්ට්‍රේලියා ආගමන විගමන දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන සම්භවයක් ඇති පුද්ගලයන් 38,000 ක් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මේ වන විට යුක්‍රේනය තුළ ඕස්ට්‍රේලියානු පුරවැසියන් 1400 ක් පමණ සිටින බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර තිබෙනවා.

ශිෂ්‍ය වීසා, පවුල් වීසා සහ වෙනත් අය ඇතුළුව දැනට අයදුම්පත් 4300 ක් පමණ පවතින බවයි මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

අගමැති ස්කොට් මොරිසන් විසින් අද දිනයේදී හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් කැඳවා තිබුණා.

රුසියානු රජයේ ඉහළ නිළධාරීන්ට එරෙහිව සම්බාධක පැණවීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »