වනිඳු ඔස්ටේ්‍රලියාවේදී යළිත් Positive – ඉන්දීය සංචාරයත් අහිමිවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වනිඳු ඔස්ටේ්‍රලියාවේදී යළිත් Positive – ඉන්දීය සංචාරයත් අහිමිවෙයි

වනිඳු ඔස්ටේ්‍රලියාවේදී යළිත් Positive – ඉන්දීය සංචාරයත් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතව ඇති  විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ඔහු තවමත් කොවිඩ් -19 වෛරසයෙන් මෙතෙක් පුර්ණ සුවය ලබා නොමැති වීම හේතුවෙන්.

ඕස්ට්‍රේලියාවේ දී කොවිඩ් වෛරසය ආසාදනය වූ වනිදු හසරංග සිය අනිවාර්ය දින 07ක නිරෝධායන කාලයෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී තවමත් වෛරසය ආසාදනය වී සිටින බවයි හෙළිවී ඇත්තේ.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින වනිදු හසරංග හට ඉන්දියාව බලා යෑමට අවසර හිමිව නැහැ.

ඒ අනුව ඔහුට ඉන්දීය විස්සයි 20 තරගාවලිය අහිමිවනු ඇති.

වනිදු හසරංග මීට පෙර ඕස්ට්‍රේලියාවේදී කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට හෙළිවීමෙන් පසුව ඔහුට ඔස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග තුන අහිමි වුණා.

COMMENTS