කොවිඩ් නිසා Australia Post ලාභය ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් නිසා Australia Post ලාභය ඉහළට

කොවිඩ් නිසා Australia Post ලාභය ඉහළට

Australia Post විසින් පසුගිය වසරේදී ඩොලර් බිලියන 4.8 ක සමූහ ලාභයක් වාර්තා කර තිබෙනවා.

වසර 213 ක ඔවුන්ගේ ඉතිහාසයේ වැඩිම පාර්සල් සංඛ්‍යාවක් මෙහෙයවන ලද වසර ලෙසටයි පසුගිය වසර සැළකෙන්නේ.

ඒ අනුව 2020 වසරට වඩා සියයට 10.4 ක ආදායම් වර්ධනයක් ඔවුන් 2021 දී පෙන්නුම් කර ඇති අතර පාර්සල් බෙදා හැරීමෙන් ඩොලර් බිලියන 3.87 ක්ද ලිපි බෙදා හැරීම මගින් ඩොලර් මිලියන 935 ක ආදායමක්ද වාර්තා කර තිබෙනවා.

කොවිඩ් සංචරණ සීමා හමුවේ බොහෝ පිරිසක් ඔන්ලයින් ක්‍රමයට මිළදී ගැනීම් සිදුකිරීමයි මීට හේතුව වන්නේ.

https://www.9news.com.au/national/australia-post-boosts-revenue-to-480-billion-on-the-back-of-largest-parcel-volumes-in-history/5a2f7aff-14c8-4036-9ac3-979c06298e96?ocid=Social-9NewsP

COMMENTS