ඔස්ටේ්‍රලියාව තුළ 06 – 11 ත් අතර ළමුන්ට මොඩර්නා දීම සඳහා අනුමැතිය – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ 06 – 11 ත් අතර ළමුන්ට මොඩර්නා දීම සඳහා අනුමැතිය

ඔස්ටේ්‍රලියාව තුළ 06 – 11 ත් අතර ළමුන්ට මොඩර්නා දීම සඳහා අනුමැතිය

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 06 ත් 11 ත් අතර ළමුන්ට මොඩර්නා එන්නත ලබාදීම සඳහා TGA විසින් අනුමැතිය දී තිබෙනවා.

කෙසේවෙතත් වැඩහිටියන් සඳහා ලබාදෙන මාත්‍රාවෙන් අඩක් පමණක් ළමුන්ට ලබාදෙන අතර සති 08 ට පරතරයක් සහිතව මාත්‍රා 02 ලබාදීම සිදුවනු ඇති.

අවධානම වැඩි ළමුන් සඳහා පළමු මාත්‍රාව ලබාදී සති 04 කට පසු 02 වන මාත්‍රාවද ලබාදිය හැකි බවයි TGA විසින් නිර්දේශ කර ඇත්තේ.

මේ අනුව වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට මොඩර්නා එන්නත අනුමත කල පළමු රට බවට ඔස්ටේ්‍රලියාව පත්වනවා.

සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසන්නේ වයස අවුරුදු 12 පට අඩු ළමුන්ගෙන් සියයට 50 කට ආසන්න පිරිසක් මේ වනවිට එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.

COMMENTS