ඔස්ටේ්‍රලියාවෙන් රුසියාවට සම්බාධක

අගමැති ස්කොට් මොරිසන් විසින් අද දිනයේදී හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් කැඳවා තිබුණා.

රුසියානු රජයේ ඉහළ නිළධාරීන්ට එරෙහිව සම්බාධක පැණවීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

අමෙරිකාව – බ්‍රිතාන්‍යය – යුරෝපා සංගමය සහ ජපානය වැනි රටවල් ගණනාවක් විසින් දැනටමත් රුසියාවට එරෙහිව සම්බාධක පණවා අවසන්.

මේ අතර රුසියා – යුක්රේන අර්බුදය හමුවේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 20 කින් පමණ ඉහළ යනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

මේ වනවිටත් ඔස්ටේ‍රලියාව තුළ ඉන්ධන මිළ පවතින්නේ වසර 14 කට පසු ඉහළම අගයේයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »