Update: අතුරුදන්වූ “රිද්මා” හමුවෙයි

Glen Iris ප්‍රදේශයේදී අතුරුදන්වූ රිද්මා නම් 16 හැවිරිදි තරුණිය සොයාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇය හමුවී ඇති බව සඳහන්.

රිද්මා සොයා ගැනීම සඳහා සහය දුන් සියල්ලන්ට පවුලේ ඥාතීන් ඇතුලු ලාංකික ප්‍රජාව ස්තූතිය පළ කර සිටී. (Update 02)

===========================================================================

Glen Iris ප්‍රදේශයේදී අතුරුදන්වූ රිද්මා නම් 16 හැවිරිදි තරුණිය සොයාගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා.

ඇය අවසන් වරට දැක ඇත්තේ ඊයේ පෙරවරු 09 ට පමණ ඇයගේ පාසලෙන් පිටත්ව යාමේදීයි.

රිද්මාගේ පාසල් බෑගය සහ අනෙකුත් දෑ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇය වැඩි වශයෙන් කාලය ගත කර තිබුණේ Malvern සහ Mount Waverley ප්‍රදේශවලයි.

රිද්මා පිළිබඳ කිසියම් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් දැනුම් දෙන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ඉල්ලා සිටිනවා. (Mount Waverley Police Station on (03) 9888 3755) (Update 01)

https://www.9news.com.au/national/search-for-missing-melbourne-teen-who-left-school-without-her-belongings/2ea97d80-41cf-42e4-9350-3ff54f16cb66

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »