ඔසටේ්‍රලියාවේ සිට යන අතරතුර සුපිරි හොලිවුඩ් නලුවෙක් ලංකාවට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔසටේ්‍රලියාවේ සිට යන අතරතුර සුපිරි හොලිවුඩ් නලුවෙක් ලංකාවට

ඔසටේ්‍රලියාවේ සිට යන අතරතුර සුපිරි හොලිවුඩ් නලුවෙක් ලංකාවට

සුපිරි ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි (George Clooney) ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින අතරතුර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු සිය පෞද්ගලික ගුවන් යානයෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ එහි කාර්යය මණ්ඩලය මාරු කර ගැනීමටයි.

මෙම ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ අවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් සැපයීම සිදු කර තිබෙනවා.

මෙම ගුවන් යානයට ඉන්ධන ලීටර් 7,000 ක් පමණ ලබා දීමෙන් අනතුරුව ගුවන් යානා නව කාර්යය මණ්ඩලය සමග එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජෝර්ජ් ක්ලූනි විනාඩි 45 ක කාලයක් කටුනායක රැඳී සිටි බව සඳහන්.

COMMENTS